Quantcast
Channel: Waterfalls – Lakdasun Trip Reports Archive
Viewing all articles
Browse latest Browse all 411

Kunu Diya Pawwa/ කුණුදිය පර්වතය තරණය

$
0
0
Year and Month  25-February 2017
Number of Days  One
Crew  03 (Me, Nirosh and Palabaddala Uncle)
Accommodation  N/A
Transport  Motor Bicycle
Activities  Hiking, Photography, Sightseeing, Nature Exploring, Mountaineering
Weather  Cold and Misty
Route  Colombo -> Awissawella -> Kuruwita -> Erathna -> Adavikanda -> Warnagala
Tips, Notes and Special remark
      • Carry enough water
      • Do not try in rainy days
      • Take necessary permission
      • Plan your journey with GPS
      • Mark your GPS points and follow it
      • Beware of thrones/ slippery rock faces
      • Beware of Elephants
      • Beware of flash flood
      • Start your journey early in the morning
      • Do not pluck plants and flowers
      • Do not disturb monks if you saw them
      • Do not pollute the environment
      • Try to minimize clearing your route
      • Carry Jeevani/ Dextrose/ Panadol
      • Do not attempt in any other routes
      • Do not litter
      • Leave only footprints
Related Resources  Newspaper Article – Sunday Lankadeepa
Author  Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
  • Kunu Diya Pawwa/ කුණුදිය පර්වතය තරණය

සිරිපා හිමේ කුණුදිය පව්ව නැග්ගෙමු

“වඳින්න යන මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි”

කනට මිහිරි සේම ගතටත් සිතටත් ප්‍රබෝධය ලබාදෙන මෙම කවි පද පේලි අපට එරත්න පාරෙන් ගමන පටන් ගනිද්දිම ඇසුණි. අද ගමනාන්තය ඔබ කවුරුත් හොඳින් දන්නා ඉසව්වකටයි. ඒ “සිරිපා රක්ෂිතයට” යි. උතුම් වූ සිරිපතුල පිහිටවූ සමනල කන්ද පිහිටි අඩවියයි. නමුත් අද අප තරණය කරන්නේ සමනල කන්ද නොවේ. සමනල ගිර නගින බොහෝ අය දන්නා සේම දැක තිබෙන හරි අපූරු කන්දක් තරණය කිරීමටයි. ලංකාවේ ඉතාමත්ම සුළු පිරිසක් පමණක් ගොස් තිබෙන අතිශය දුෂ්කර හා භයානක කඳු තරණයකටය. ඒ “කුණු දිය පව්ව” මුදුනට නැගීමටයි. තවදුරටත් කිවහොත් සිරිපා කඳු පාමුල පිහිටි පලාබද්දල, එරත්න, මලවන, ඉඳුරුව, මාපලාන වැනි ගම්වල ජනතාව පවා ගොස් නැති දුෂ්කරතම කඳු තරණයට අද අපි සූදානම් වෙමු.

වචනයේ අර්ථයෙන්ම “කුණු දිය පර්වතය” යන නාමය ඇසූ විට ඔබට හැඟෙන්නේ මේ කන්ද අපිරිසුදු හෝ කුණු ගොඩවල් පිරි කන්දක් බවට නිසැකය. නමුත් මෙම කන්ද තවමත් නොඉඳුල් කන්දකි. සිරිපා රක්ෂිතය තුළ තිබෙන සිරිපාකන්ද, බැන සමනල, පැඳුරුතලාගල, මහ පැඳුරුතලාව, බල්ලාබැඳි ගල, සප්තකන්‍යා, බල්ලගල සේම කුණු දිය පර්වතයද මහ වන මැද නැගී සිටින දැවැන්ත කඳු ශිඛරය. ලංකාවේ කඳු මුදුනක ඉහළ චතුරස්‍රයක් වැනි හැඩයෙන් යුත් කඳු අතර අප දන්නේ සීගිරිය හා බතලේගල පමණි. නමුත් කුණු දිය පව්වද එවැනි හැඩයකින් යුතු කන්දකි.

The unique view of KDP

Captured at Ratnapura Road. Twins of Bena on the left side.

View at Warnagala power house road

Another view at Heramitipana, Raja Mawatha

White is Erathna Geththampana, Yellow is twins of Bena Samanala, Blue is Getanitula Kanda, Red is the Kunu Diya Pawwa

The route we followed without GPS in 2017. This view is seen at the top of Paduruthalagala Mountain

Panoramic view at the top of Paduruthalagala . Purple star- Yaka Andu Kanda, Blue star-  Bena Samanala Twins, White star- Rath Kanda, Orange star- Getanitula Kanda, Red star- Kunu Diya Pawwa.

Seen on the way to Erathna in the dawn.

Journey started

Crossing the Heen river

Shashika took the lead

උසින් මීටර 1900කට වැඩි මෙම කන්ද නැගීමට කිසිදු අඩි මාර්ගයක් නොමැත. සාමාන්‍යයෙන් මෙම කන්ද නගින්නේ එරත්න මාර්ගයෙනි. එනම් එරත්න මාර්ගයේ සීත ගඟුල දිගේ පහළට ගොස් නැවත මූකලාන දිගේ ඉහළට යමින් කන්දට ළඟාවිය හැක. ඒ සඳහා මීට පෙර එහි ගිය පළපුරුදු කෙනෙකු අවශ්‍යමය. කෙසේ වෙතත් එම මාර්ගයෙන් කන්දට යාමට පමණක් එක් දිනක් වැයවනු ඇත. එම මාර්ගය ගැන දන්නේ මේ ඉසව්වල සිටින අතළොස්සක් පමණි. මන්ද වන සතුන්, කටු අකුල් ගහණ සංකීර්ණ ඝන වනරොදක් මේ අවට පැතිර ඇති හෙයිනි.

මෙම පර්වතයට එම නම හැදුනු ආකාර 2ක් පිළිබඳව ජන වහරේ පවතියි. ඉන් ප්‍රසිද්ධම වනුයේ සමන් දෙවියන් බුදුරජාණන්ගේ සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කළේ මෙම කන්දේය. එම නිසා රජු කඳු මුදුනට ළඟාවත්ම මැරී කුණු වී කුණු ලේ ගලන ගැරැඬියකුගේ මළකුණක් දැක ගැනීමට ලැබුණි. එම නිසාම රජු සිරිපතුල පිහිටුවීමට මෙම කඳු මුදුන සුදුසු නැති බව තීරණය කරන ලදී. එනම් කුණුදිය ගලන ගැරැඬි මළකුණක් නිසා සිරීපාද ස්පර්ශය ලැබීමට භාග්‍යය නොලැබූ කන්දක් වීමය. අනෙක් කරුණ නම් අදටත් දක්නට ලැබෙන ප්‍රායෝගික දසුනකි. එනම් මෙම කන්ද වලාකුළු වනාන්තරයක් වීමයි. එනම් නිතරම මීදුමෙන් වැසී තිබෙන එලෙසම සුළං ප්‍රවාහවලට මුහුණදී මීදුම උපදවන කඳු මුදුනක් වීමයි. එම නිසාම මෙම කන්දේ නිතරම ජලය ගලා ඒමක් සිදුවේ. එම හේතුව නිසාවෙනුත් කුණු දිය පව්ව යන නම ලැබී ඇති බව තවත් අරුතකි.

Part of the target is seen

The ultimate viw of Paduruthalagala Kanda

Mama and Shashika leading

Reaching Jambola Gahayata Ambalama

Dried Dimondgala Falls

Reaching Warnagala

The other part of the stream which connects to Kuru river

Dimondgala Ambalama

How was our devotees’ behavior

We were clean this ambalama fully in 2019 under this Project

Burnt area

Beautiful place

කුණුදිය පර්වතයට අසන්නම ස්ථානය එරත්න ග්‍රාමයයි. වර්ණගල වතුයායේ කෙළවරක පිහිටි මෙම කන්ද නැඟීමට අප සැලසුම් කළේ ඉකුත් වසරේදීය. එම නිසාම වැසි රහිත කාලගුණයක් එනතුරුම මඟපෙන්වන්නෙකු සොයාගනු පිණිසත් කාලය වැයවුණි. පසුව අප පසුගිය මසකදී කන්ද තරණය කිරීමට ඉටා ගත්තේ මඟපෙන්වන කෙනෙකු සමඟිනි. නමුත් අප නියමිත දිනයේ එහි ගියද මඟපෙන්වන්නාට නොවැළැක්විය හැකි හේතුවක් මත අප සමඟ යාමට නොලැබුණි. කෙසේ වුවද අප අද තනිවම හෝ මෙම ගමන සිදුකළ යුතු බවට තීරණය කළෙමු. පෙර කතිකා කරගත් පරිදි හදිසියේ හෝ අපට රැයක් ගත කිරීමට අවශ්‍ය වුවහොත් යැයි සිතා කූඩාරම්, රාත්‍රි ආහාරයක් පිළියෙළ කර ගැනීමට බඳුනක් හා කෙටි ආහාර රැගෙන ආවෙමු. උදෑසන 6 වනවිට අප එරත්නට පැමිණියෙමු. විගසින් ගමන ආරම්භ කළ අප ගිං ගඟුල, ජම්බෝල ගහයට අම්බලම පසුකරමින් ඩයිමන්ගල හරහා වර්ණගල අම්බලමට ළඟා වූයේ විනාඩි 40කට පමණ ගමනකින් පසුවය. මීට පෙර අප වර්ණගල අම්බලම අසල කුඩා ජල විදුලි බලාගාරය අසලම කැලෑ පාරෙන් යතුරුපැදි මඟින්ම පැමිණියෙමු.

කෙසේ හෝ අප අද කුණු දිය පව්ව නගින්නේ ඉතාමත් කාරුණික පුද්ගලයකුගේ හෙළිදරව් කිරීමක් මගින් අප සිතූ පහසු මගකිනි. එනම් වර්ණගල අම්බලමේ සිට දකුණට කඳු නගිමින් යාමටයි. නමුත් අප මේ තෝරාගත්තේ 100%ක් මරණය නියමිත අතිශය දුෂ්කර මාර්ගයකිනි. ඒ විශාල දිය පහරක් දිගේ කිලෝ මීටරයක වැඩි දුරක් ඉහළට නැගීමටයි. අප මේ මග තෝරාගත්තේ ඒ වනවිට ජල ප්‍රමාණය ඉතා අවම මට්ටමක තිබූ හෙයිනි. වැසි කාලයට මේ ඇල්ල දිගේ මීටර 50ක්වත් ගමන් කළ නොහැකිය.

සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය මැද වර්ණගල දිය ඇල්ලේ දකුණු පස පිහිටි වනගත ඇල්ල අසලින් ගමන ඇරැඹුවේ එම ජල කඳ එන දිශාවට ගමන් කිරීමටයි. ප්‍රථමයෙන් අසල කැලයට පිවිස ගසක් දිගේ නැග එම ඇල්ලේ ඉහළට පැමිණියෙමු. මීට මාස කිහිපයකට පෙර අවාරේ අප පැමිණි දිනකදී මෙම ඇල්ලේ ජල කඳ අඩි 20ක් පමණ පළලින් යුතුව කඩා වැටුණද අද ඇත්තේ අඩි 8ක පමණ පළල සිහින් ජල වැටීමක් පමණි. එම අවම ජල ප්‍රමාණයක් පැවැතීම අපගේ ගමනට ඉමහත් අස්වැසිල්ලක් විය. අප ලද රහසිගත තොරතුරට අනුව ඇල්ල දිගේ ජල මූලාශ්‍රය වන තෙක්ම යා යුතුයි. එහිදී කඳු නගිමින් ජල පහර බෙදෙන ස්ථානවලදී නිවැරැදි මඟ සොයාගෙන යා යුතුය. කෙසේ හෝ ගමන ආරම්භයේ පටන් දුෂ්කර විය. වර්ෂාව නැති නිසා අපගේ මිත්‍ර කූඩැල්ලන් නොමැතිවීම තවත් සහනයක් විය. මීටර 200ක් පමණ ක්‍රමයෙන් ගල්කුට්ටි මතින් ඉහළට නගිමින් අප ඉදිරියට ගිය පසු මීටර 15ක් පමණ උස අලංකාර දිය ඇල්ලක් දක්නට ලැබුණි. එනම් මෙම මාර්ගයේදී අප මීටර 10කට වඩා උස අලංකාර දිය ඇලි 6ක් පමණ දුටු අතර ඒවා සාමාන්‍ය චාරිකාවකදීවත් දකින්නට නොලැබෙන අලංකාර කොමලියන් වූ බැවින් අප වන මැද සැඟවුණු දිය ඇලි නැරැඹීමට තරම් වාසනාවන්තයින් වූවෙමු.

Looking at the Paduruthalagala Kanda

Warnagala Falls

Our journey will start here. This is the other side of the Warnagala falls

Let’s go

The first step took

The majesty view of Paduruthalagala

Crossing mini falls

I and Nirosh

Mama took the lead

Waterfall No 2

It’s a bit hard than we thought

Evidence of humans

The journey

I was there

විටෙක අඩි 10ක් පමණ උසැති ගල් කුට්ටි දිගේ බඩගාමින් හා සතර ගාතින් ඇවිද යමින් ඉහළටම ගමන් කළෙමු. පැය එකහමාරකට පමණ පසු අප අසල පිහිටි කන්දේ මුදුනට පැමිණියෙමු. එහිදී ඈතින් පහළ පිහිටි වර්ණගල විහාර භූමිය දක්නට ලැබුණි. තවද අප ඉදිරියේ පිහිටි පිදුරුතලාගල කන්දත් අපට වඩා ඉහළ මට්ටමක තිබූ බව අපට පෙනුණි. උදෑසන සිටම අලංකාර ලෙස කුණුදිය පර්වතය දුටුවද දැන් නම් අපට කිසිවක් පෙනුණේ නැත. මෙලෙස අප දිය පහර දිගේ බොහෝ දුරක් ඉහළට ඇදුනෙමු. එක් ස්ථානයකදී ඉදිරි මීටර 100 කෙසේවත් අපට ගල් කුට්ටි මතින් යමින් ඉහළට යාම කළ නොහැක්කක් විය. මන්ද සුවිසල් ගල් කුට්ටි තිබීමත් ඒවා සිරස් ලෙස පිහිටීමත් ඉදිරියේ පිහිටි දිය පහර ඉහළක සිට විශාල ගල් කුට්ටි දෙකක් අතරින් ගල්වලට පිටුපසින් කඩා වැටීමත් නිසා ඉන් ඉහළට නැගීම අප සිදුකළේ අසල පිහිටි වන පියසට ඇතුළු වීමෙනි. වන රොදද ඍජුවම නැග්මකි. ලිස්සන කැඩෙන පස් තට්ටු මතින් යමින් කටු කිතුල් අතු පරිස්සමට අල්ලමින් ගස් බඩගාගෙන අප ඉහළට නැග්ගෙමු. නැගීමට නොහැකි වූ ජල පහර පිහිටි ප්‍රදේශයේ වූ දියඇල්ල ජල ගුහාවක් වැනිය. ජල කඳ වැසි දිනෙක කොතරම් අපූරු විය හැකිදැයි අපට සිතුණද එහෙත් කිසිම විටෙක එය නැරැඹීමට නොහැකි බවද සිහිවුණි.

නැවතත් අඩි 10ක් පමණ පළලින් කුඩා අතු ජල පහරක් දක්නට ලැබුණද අප යා යුතු මග තීරණය කිරීමට අපහසු නොවුණේ එම මග විශාල ගල් කුට්ටි පිහිටි වපසරියක් වීමයි. අපට අතරමග කැලයේ පිහිටි ගුහා දෙකක් හමුවූ අතර එහි දස දෙනෙකුට වුව සිටිය හැකි විය. ජල පහර පිහිටි මගේද එවැනි ගුහාවක් හමුවූ නමුත් එහිදී අධික ජල පහරකදී ගුහාව තුළටද ජලය පැමිණෙන සුළු විය. මේ වන විට අප ඉදිරියෙන් පිහිටි පිදුරුතලාගල කඳුවැටියේ උසට සමාන උසකින් අප සිටිනු බව පෙනුණි. මද දුරක් ගිය පසු ජල කඳ වමට බරව ඇදුණි. සමහර විට මීටර 100ක් පමණ දිගට විශාල ගල් තැන්නෙන් ජලය ගලාගෙන ආවේය. තවත් අවස්ථා ගණනාවක්ම ජල කඳ අපට නොපෙනුණේ ගල් කුට්ටි යටින් භූගතව ජල කඳ ගලා ගිය හෙයිනි.

මිනිස් පුළුටක්වත් නොමැති ඝන කැලයක මා හා නිරෝෂ සමඟ සිටියේ අපමෙන්ම මෙම කන්ද නැඟීමට සිටි බලවන ගමේ යසරත්න මාමාය. ඔහුගේ වයස අවුරුදු 50 ඉක්මව තිබුණද බොහෝ විට ඉදිරි මඟ සාදාගෙන ගියේ ඔහු විසිනි. සිරිපාකන්ද හා කැලය ගැන කුඩා කල සිටම දැනුමක් තිබූ ඔහුට වනාන්තරයක ගමන් කිරීම ඉවෙන් මෙන් බොහෝ අවස්ථාවල දැනුණු බව අප දුටුවේ ඔහු නිවැරැදි මාර්ගය නිශ්චය කර ගන්නා විලාසයෙනි.

කෙසේ හෝ අප යම් අවසානයක් කරා පැමිණ ඇති බව වැටහුණේ ජල පහර ක්‍රමයෙන් කුඩා වීමෙනි. මේ වන විට ජල කඳේ පළල අඩි 5ක් පමණ විය. පාසි බැඳුණු තුරු වියන් යට පිහිටි කුඩා ගල් කුට්ටි අතරින් ගලන ජල පහර ඇතැම් විට ශබ්දය ඇසුනද සොයා ගත නොහැකි විය. පසුව අප ළඟා වූයේ මීටර 100 කට වැඩි උසකින් යුත් දැවැන්ත ගල් බිත්තියක් අසළටයි. මාර්ගය එතැනින් අවසානය. සිහින් ජල පහරක් ගල් බිත්තිය දිගේ විවිධ ස්ථානවලින් පහළට රූටන අතර ඒවා ක්‍රමයෙන් අප ආ ජල කඳට එකතු වේ.
එනම් අප සිටින්නේ කුණුදිය පව්වේ අංශක 90ක නැග්මක් නැගිය යුතු ස්ථානය අසළයි. වම් පස කටු ඉඹුල්, හාතාවාරිය, කටු උණ පඳුරු, බට පඳුරු අතරින් ඉතා දුෂ්කර ලෙස මාර්ගය සාදාගෙන ක්‍රමයෙන් ඉදිරියට ඇදුණේ කන්ද මුදුනට නැගගත හැකි සුදුසු ඉසව්වක් විපරම් කරමිනි. මේ කිසිඳු ආරක්ෂිත ක්‍රමයක් නොතිබුණු හෙයින් අප හැකි ස්ථානවලින් ගස් දිගේ නගිමින් විටෙක හරහට ගල් පතුරු උඩින් පරිස්සමට ඇවිද යමින් ඉහළට ඇදුනෙමු.

The path

Walking along the river

It’s a calm environment

Styles

Difficult situations

Another cascade

Waterfall No 3

Waterfall No 4

Waterfall No 5

I was there

Keep walking, hard climbing

More to go

Mini cave

This is how we walked

Here was a big barrier, Waterfall No 6

Uncle is keeping walking

See the surrounding

Closer view

More to go

Waterfall No 7

මෙම අවසන් මීටර 200 නැගීමට අපට පැයකට අධික කාලයක් වැයවුණි. එක්තරා ස්ථානයකදී අප කටු කිතුල් ගසකින් පවා ඉහළට නැග්ගේ ගතේ දැවටුණු කටු ඉවත් කර ගනිමිනි. සිරිපා රක්ෂිතයට පමණක් ආවේණික දෝතළු ගස් කන්දෙන් ඉදිරියට නෙරා ගිය අතර එහි වූ අලංකාර මල් රාශියක් පිපී තිබුණේ ඒවා දැක ගැනීමට අපට වාසනාව හිමි කරමිනි. විටෙක අඩි සියයක දුරක් නැගීමට අපට විනාඩි 15ක් පමණ ගතවූයේ පස් කැඩී අල්ලා ගැනීමට හා නැගීමට ආධාරක සොයා ගැනීමට කාලය වැය වෙමිණි. අවසන් අදියර අඩි 15කට උස විශාල ගසක් දිගේ නැග ගල් කුට්ටියකට පැන කටු අකුල් අතරින් අප ගොඩවූයේ දවසේ ජයග්‍රහණය සැමරීමටය. එනම් පැය 7කට අධික අතිශය දුෂ්කර ගමනකින් පසු කුණුදිය පව්ව මුදුනට පැමිණීමේ සතුට සැමරීමටයි. මේ වන විට පැදුරුතලාගල කන්ද අපගේ මට්ටමට වඩා බෙහෙවින් පහළින් පිහිටියේය.

කුණුදිය පව්ව මුදුන තනිකරම අඩි 10ක් පමණ උසැති අඟල් 5ක විෂ්කම්භයකින් යුතු ගස්වලින් වැසී තිබුණි. ඉහළ මුළු තැන්න වසාගෙනම එම ශාක තිබුණි. එලෙසම කන්ද කෙලවරේ ගල් තලාවක් වූ අතර එහි කුඩාරම් ගසා පහසුවෙන් රැයක් වුව ගත කල හැකිය. එසේම එතැනට ඉතා සුන්දර ලෙස ඇතුළු සමස්ත වපසරියම දැකගත හැකිය. අධික මීදුම නිසා අවට පරිසරයත් ගස් අතරිනුත් අප දුටුවේ සුදු වර්ණය පමණි. ගස් අතරින් ඉහළට නැග හෙළ මායිමට පැමිණ විපරම් කෙරුවේ සිරිපා මලුව දැක ගැනීමටයි. නමුත් අධික මීදුම නිසා අපට එය නැරැඹීමට නොහැකි විය. පහළින් වර්ණගල අම්බලම හා එරත්න මාර්ගය එක් ස්ථානයකදී දැකගත හැකි වුවත් සමස්ත අනෙකුත් වපසරියම කොළ පැහැති ඝන වනයත් සුදු මීදුමත් පමණි.

It’s too hard

Climbing

Resting

Here is Yasarathna Uncle

Again he took the lead

More to go

The Udamaliboda side

Difficult route

I looked back

Almost above 1200m

Amazing and beautiful environment

This is a collection of springs

Keep walking

Have to climb

යසරත්න මාමා කියූ පරිදි භීෂණ සමයේ එක්තරා දේශපාලන පක්ෂයක රහසිගත පුහුණු කඳවුරක් මෙහි තිබී ඇත. එහි නටබුන් මේ කන්ද අවට තිබිය යුතු බව ඔහු පැවැසීය. තවද පැයකට වැඩි කාලයක් කඳු මුදුනේ අක්කර ගණනක් තුළ එහෙ මෙහෙ යමින් සිරි නැරැඹූ අප නැවත කන්ද බසින විට තරමක් වේගයෙන් විවේක නොගෙනම බසින ලදී. එම නිසාම සවස 6.40 වන විට නැවතත් වර්ණගල දියඇල්ල අසලට පැමිණ එක් දිනකදී කුණුදිය පව්ව තරණය කොට පැමිණි අයවීමේ භාග්‍යය අපට හිමි වුණි. ජීවිතයේ එක් වරක් විඳිය යුතු අතිශය අවදානම් ගමනක් වන මෙය සැබැවින්ම කිලෝ මීටර දහයකට පමණ එහා ඝන මූකලානක අප තිදෙනා තනිව ගෙවූ සොඳුරුම මතක සැමරුමක් විය.

Travel in Sri Lanka Sobasiri හා සම්බන්ධවී ක්‍රියාදාම සංචාර ගැන විස්තර දැන ගැනීමටත් සැමවිටම පරිසරය ආරක්ෂා කරමින් ඔබගේ චාරිකා යන ලෙසටත් මතක් කරමු. නැවතත් කුරුවිට එරත්න පාරෙන්ම ගිං ගඟුල අසලට පැමිණෙන විට රාත්‍රී 8 පමණ වී තිබුණේ දෙපාවල වේදනාව නිසාවෙනි.

Amazing and beautiful environment

Amazing and beautiful environment

Climbing

It’s me

Amazing and beautiful environment

Amazing and beautiful environment

Beautiful environment

It’s too hard

Here is the wall of the upper flat rock

The part of the summit

We cannot climb this

The mainstream is starting here

Keep walking on the left side for an easy path

The part of the summit

Dothulu

Dothulu

I’m with Dothulu

Some peaks

Close to the summit

This was found at the reaching of the summit

At the top of KDP

Forest patch at the top

Came to the top of the KDP

A nice patterned forest patch at the top, but we need to walk further for the rocky plain

Nirosh is searching for the surrounding views

Keep walking at the mist

The ground

I and Nirosh

Walking at the top

Finally we achieved KDP with in a day and ready to go back to the Adavikanda

This is how we came to the top

Risky attempt

Successfully landed

I’m ready to go

Surrounding

More to go

Reaching Warnagala by 6.30pm

The unique view of KDP

KDP and Heen Piduruthalawa

Thank you for reading !

Sobasiri Team ©


Viewing all articles
Browse latest Browse all 411

Latest Images

Trending Articles



Latest Images