Year and Month | 09-March-2019 |
Number of Days | One |
Crew | 02 (Me & Nirosh) Sobasiri Team |
Accommodation | N/A |
Transport | Motor Bicycle |
Activities | Researches, Nature Exploring, Photography, History, and Culture exploring |
Weather | Good |
Route | Samanabedda -> Avissawella -> Deganthuduwa -> Thalduwa -> Amithirigala Road -> Napawala -> Daigala -> Hakurugala -> Kurupaththa -> Karawanella -> Yatiyantota -> Kithulgala |
Tips, Notes and Special remark |
|
Related Resources | Facebook Full Story |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
We started our next part from Hanwella fort and proceed to Avissawella where it called “Deganthuduwa”. That is the junction where Sithawaka river met Kelani river. We had an opportunity to go the river waterline of the zone and we were guided by a fisherman over there to the mid of the river on the rocky path.
මයිලවලදී කැලණි ගං කොමළිය හැඩකාරිය, සිරියාවිය. එය පොඩිපහේ ගැබ්බර සිරියාවකි. ගල්පොත්තෑව මැදින් ගඟ ගලද්දී වතුර පාර හිටිහැටියේ අන්තරස්දාන නොවුණත් කවුරුහරි වතුරට හොරයක් කළා වගේ හැඟීමක් ඇතිවේ. ඒ ගල් අතර පතරින් වතුර යටින් කිමිඳී ගොස් වක්කලං හැඩයක් සමඟ ඇස මානයෙන් මතුවන නිසාය. ඉන් එහාට ගැඹුරැති ගඟ ගලන්නේ මැදිවියේ ගැහැනියක සොර සැමියෙක් සොයා යන නිහඬතාවකිනි. අරපරිස්සමකිනි. කෙසේ වෙතත් එතැන තමයි තැන. එලෙස කීමට හැකිය.
ඒත් රන්තොටිම කංකානමගේ ගුණරත්න කියන්නේ එතැන නෙවෙයි තැන! කියාය. ඒ කාලය, ප්‍රවේගය සමඟ සමීකරණමය ළැදියාවක් වීමක්ම නොව ගඟේ හැදියාව දෙස දශක පහක් තිස්සේ නිසොල්මනේ බලා සිටීම නිසා ලද පරිචය මඟිනි. කොහොමද මෙතැන තැන වෙන්නේ මම ගුණරත්න නම් ගං දෑලයාගෙන් විමසා සිටියෙමි.
ගොයියෝ කැරලි ගැහිල බරවුණු හැඩපලු කොණ්ඩෙක තමයි උකුණෝ ඉන්නේ. ගඟ මෙතැනදි අකීකරු කෙස්වහල්ලක් වගේ. ඒ කෙස්වහල්ලේ අයිතිකාරි ගැටිස්සියක්. එච්චරයි වෙනස. ඒකයි මම තැන මෙතැනය කියල කිව්වෙ. ආයෙ දෙකක් නැහැ මෙතැන තමයි තැන. විය යුත්තේ මෙම කෙස්වහල්ලේ හැඩපලු දිග හැරීමය. දන්න කියන ලෙස එය සිදුවුවහොත් කතාව මෙලෙසය.
සිරිපා හිමෙන් පටන්ගන්න ගඟ ගලාගෙන ඇවිත් උඩමට්ටම් වෙලා වතුර පාර ලොකුවට පෙන්නන්න ගන්නේ මයිලවලදි. ඒ කියන්නේ මේ හරියෙදි ගඟ හරහා ලොකු ගල් තලාවක් යටින් ඇදී යනවා. ගඟ ගලන්නේ ඒ ගල් තලාව උඩින්. ලොකු අලි ගල් කුහර උඩින් තමයි මේ හරියෙදි ගඟ ගලාගෙන යන්නේ. වඩා වැදගත් කාරණය තමයි මේ හරියට පරණ ගඟ අහු නොවන එක. ඒ කියන්නේ දැන් අලුත් මංපෙත් හදාගෙන ගඟ ගලා ගියාට ඒ කාලේ ගඟ ගලාගෙන ගිහින් තියෙන්නේ වෙනස් විදියට. දැන් ඉවුරු තියෙන හරියෙන් ගඟ ගලාගෙන යන්න ඇති. මේ මයිලවල හරියෙදි ගඟට එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද ගල් තලාව අඩි 40ක් 50ක් දුරට ගං පතුල විදියට තියෙන නිසා. පෙළක් තැන් තියෙනව පරණ ගඟ ගලා ගිය පිටි මඩ පස තියෙන. ඒත් මේ ගඟ පටන් ගත්ත කාලෙක ඉඳල මේ තාක් වෙනකම් මේ මයිලවලදි ගඟේ හැඩේ වෙනස් වෙන්න තිබුණු ඉඩ හරි අඩුයි.
තත්ත්වය තවත් සුමට ලෙස තෝරා බේරා ගැනීම සඳහා සුදුසුම කාර්ය වන්නේ ගුණරත්න නම් ගං දෑලයාට සිය කතාව සවිස්තර කිරීම සඳහා අවස්ථාව ලබාදීමය.
මම කොල්ල කාලේ එනවා ගඟේ පීනන්න. ඒ කාලේ තමයි මම මුලින්ම ගඟේ කිමිඳෙන්න පුරුදු වුණේ. දෙයියනේ කියල අඩි 35 යට ගිහින් අවශ්‍ය රාජකාරිය කරගෙන ආකහේ සුළඟ වදින්න ආයෙත් එන්න හැකියාව මට ලැබුණේ කොල්ල කාලෙදි. අඩි 20-30 කිමිඳෙද්දි තෙත ගතිය ඇඟට මාත්තු වෙනවා.
එතකොට අමාරුයි. ඒක තමයි කිමිඳෙද්දි පහුකරන්න අමාරුම කාලය. ඒක පහුකරගත්ත කියන්නේ ආයේ කිමිඳෙන එකේ අලුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ කියන එක. මුහුද වගේ නෙවෙයි ගඟ. ගඟ සැරයි. මොකද උඩහට වහිද්දි ගඟ හැම වෙලාවෙම මැඩවි මැඩවි තමයි පල්ලෙහාට ගලන්නේ. ඒ ගැස්සිල්ල එක්ක හොඳට ඔට්ටු වුණොත් තමයි කිමිඳෙන කාරිය ලේසි. හැබැයි ඉතින් මොන ජගතා වුණත් අඩි 30 පහුකරල කිමිඳෙනවා කියන්නේ ගැහි ගැහී ගොඩ එනවා කියන එක. පළමුවැනි අඩි 10 වතුර වගේ නෙවෙයි ඒ අඩි 10 පහු කළාම තියෙන වතුර. ඒ වතුර අයිස් කැට වගේ. හැබැයි ඇඟට අමාරු නැහැ.
මයිලවල හරියේ තියෙන්නේ තනිකර ගල්. ගඟ දිගේ කොච්චර ඇවිද්දත් මට මෙතැන තරම් ලේසි පහසු තැනක් හම්බවෙලා නැහැ. කුමාරිමුල්ලට උඩින් තමයි ගල් තලාව අහවර වෙන්නේ. මයිලව, කුමාරිමුල්ල, ගුරුගල්ල පාලම කියන්නේ ගඟ මැඩවි මැඩවි ගලන තැන්. ඒක තමයි තැන! හැඩපලු ගැහුණු ගල් පර්වත හින්ද ගඟ ආදි කාලේ ඉඳලම මේ විදියට ගලන්න ඇති කියන එක තමයි මගේ විශ්වාසය. අන්න ඒකයි මම කියන්නේ මෙතැන තමයි තැන කියලා.
1980 දශකයේ මුල් වකවානුවේදී පූගොඩ පෙහෙ කම්හල් සේවකයකු වූ මෙම ගංදෑලයා කිරිඳිවැල සිට පූගොඩට ගොස් ඇත්තේ ගං ඉවුර මතින් ඇදීයන දිගැටි පාරේය. ගඟ හරහා පාලම්පාරු වැඩි වශයෙනුත් පාලම් අඩු වශයෙනුත් තිබූ එම යුගයේදී මෙම ජීවිත පාලනය කරන ගාමක බලවේගය වී ඇත්තේ කැලණි ගඟය. ඔරු, පාරු මතින් ගඟ දියේ පහළට ඇදී යන ජීවිත ජීවත් කරවීම සඳහා ගඟ ලබාදී ඇත්තේ වචනාර්ථ නොමැති සහායකි. එය මෙලෙස පවසා සිටිය හැකිය.
රංවල මුත්තා
රංවල මුත්තාගේ චරිතයේ සිට රංවල දෙවියන් වීම දක්වා පුරාවෘත්තය පිළිබඳ විවිධ මතවාදයන් ගොඩනැඟී ඇත. එක් මතවාදයකට අනුව පළමුවන රාජසිංහ රජ සමයේ කෑගල්ල ප්‍රදේශයෙහි වෙඩි බෙහෙත් ගබඩාවක් තිබී ඇත. දිනක් මෙම වෙඩි බෙහෙත් ගබඩාවට පුද්ගලයකු රහසින්ම ගිනිතැබූ අතර ඊට සැකකරු වූයේ වෙඩි බෙහෙත් ගබඩාව භාරව සිටි රන්දෝලිස් නැමැත්තාය.
රාජ නියෝගය අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම විය. නිරපරාදේ තම පුතු දඬුවමට ලක්වීමට පෙර ගමෙන් පිටමංකර හරින්නට රන්දෝලිස්ගේ මවුපියෝ කටයුතු කළහ. ඔවුහු කෙසෙල්කොට පහුරක් සාදා ටික කලකට ජීවත්වීමට අවශ්‍ය ආහාරපාන, ඇඳුම් පැළඳුම් ද සූදානම් කර දී රන්දෝලිස්ව පහුරේ නන්වා කැලණි ගඟ දිගේ පාකර එවීමට කටයුතු කළහ. කැලණි ගඟ දිගේ පහළට පැමිණි ඔහු වර්තමානයේ රංවල ලෙස හඳුන්වන ප්‍රදේශයෙන් ගොඩබැස්සේය.
කල්යත්ම කැලණි ගඟබඩ රංවල ප්‍රදේශයේ ජීවත් වූ මොහුට රංවල මුත්තා යන නම පටබැඳුණි. ඔහුගේ ජීවිකාව වූයේ ඔරු පාරු ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයයි. ගඟ මැද පිහිටි විශාල ගල් බාධක නිසා නිරන්තරයෙන් ගඟේ ගමන්ගත් ඔරු පාරු කැඩී විනාශවීම නිසා එහි ගමන් ගන්නන් මහත් අපහසුතාවයට පත්විය. රාත්‍රී කාලයේ අඳුර නිසා මේ අනතුරුදායක තත්ත්වය තවදුරටත් වැඩිවිය. නිතර ගං දෑලේ වෙසෙන රංවල මුත්තා මිනිසුන් මුහුණ දෙන මෙම අපහසුතාවය දුටුවේය.
මුත්තා විසින් ගඟෙහි අනතුරු ඇති තැන් හඳුනා ගැනීමට පහසු වන ලෙස රාත්‍රී යාමයේ එම ස්ථානවල පහනක් පත්තු කළේය. පහන සුළඟින් නිවී යාම වැළැක්වීමට ඒ වටා ගොක්කොළ ආවරණයක් ද යෙදීය. මෙම ගොක්කොළ ආවරණය පුහුල් ගෙඩියක හැඩය ගත් නිසා මෙය පුහුල් පහන නම් විය.
වර්තමානයේ පවා රංවල දෙවියන්ට කරනු ලබන විශේෂ පූජෝපහාරයක් ලෙස පුහුල් පහන් දල්වයි. අතීතයේ ගඟ මැද දල්වා තිබූ පුහුල් පහනේ ආලෝකය ඔස්සේ බාධක හඳුනාගෙන ඔරුපාරුකරුවන් නිරුපද්‍රිතව එම ස්ථානවලින් ගමන් කළහ. ජීවිතයේ අවසන් සමය දක්වා මුත්තා මෙම ක්‍රියාව දිගටම පවත්වාගෙන ගියේය. මේ නිසා ඔරු පාරුකරුවන් හා ගැමියන් අතර මුත්තා මහත් පැසසුමට හා ගෞරවයට පත්විය.
ආගමට දහමට ලැදිව අනුන්ට උදව් උපකාර කරමින් දිවි ගෙවූ රංවල මුත්තා සෑම පොහොය දිනකම පාරුවේ නැඟී කැලණි චෛත්‍ය වන්දනාවේ යාම සිරිතක්කොට ගත්තේය. මොහු පසුව ගඟබඩ දෙපස ජනයාද මෙම ගමනට එක්කාසු කර ගත්තේය.
වන්දනාවට සහභාගී වන්නට නොහැකි වූවන් ගඟ දෙපස සිට කැලණි චෛත්‍ය වැඳ පිං රැස්කොට ගෙන එන රංවල මුත්තාට වැඳ ආශිර්වාද ලබන්නට පුරුදු විය. එපමණක් නොව ගැමියන්ට අවශ්‍ය අවවාද, උපදෙස් ලබන්නට ද ලෙඩට දුකට බෙහෙතක් හේතක් ලබන්නට ද රංවල මුත්තා ප්‍රදේශයට නැතිවම බැරි පුද්ගලයකු බවට පත්විය.
තමන්ට රංවල මුත්තාගෙන් උදව්වක්, උපකාරයක් අවශ්‍ය විට නිවස අසල ගඟ අද්දර පුහුල් පහනක් දල්වන්නට ගැමියන් පුරුද්දක්කොට ගත්තේය. එම පුහුල් පහනේ සංකේතයෙන් උදව් උපකාර අවශ්‍ය ගැමියන් සොයා ගිය රංවල මුත්තා ගැටලු විසඳමින් ඔවුන්ට පිහිට විය.
කාලයේ ඇවෑමෙන් මුත්තා ද කෙමෙන් වයෝවෘද්ධ තත්ත්වයට පත්වූයේ ය. රංවල ප්‍රදේශයට පැමිණි විශාල ගංවතුරකින් රංවල මුත්තා ජීවිතක්ෂයට පත්විය. මුත්තාගේ මරණයෙන් මුළු ප්‍රදේශයම කැළඹීමට පත්විය. වෙනදා මෙන් ගඟෙහි පුහුල් පහන් දල්වන්නට අයකු නොමැති විය.
නමුත් මුත්තා මියැදුණ ද ඔහු දැල් වූ පහන් ආලෝක රාත්‍රී යාමයේදී ගැමියන්ට ඒ අයුරින්ම දිස්වන්නට විය. මුත්තා මියදුණ ද මුත්තාගේ ආශිර්වාදය තවමත් පවතින බව ගම්මු එම අලෝකයෙන් තේරුම් ගත්හ.
“රංවල මුත්තා අපිව දාලා ගියේ නෑ. මුත්තා දල්වපු පහන් තවමත් දැල්වෙනවා” යනුවෙන් ගම්මු කීහ. රංවල මුත්තා දෙවියකු බවට පත්ව මෙම අලෝකය විහිදු වන බව විශ්වාස කළ ගැමියෝ එතැන් පටන් මහත් භක්ත්‍යාදරයෙන් රංවල මුත්තා ‘රංවල දෙවියන්’ ලෙස පිළිගත්හ.
රංවල දෙවියන්
******************************************************
සීතාවක රාජධානියේ ඇති ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ අප පසුගිය සති කිහිපය තුළ කතා කළෙමු. දැනට ඓතිහාසික වශයෙන් සීතාවක රාජධානියේ ඉතිරිව ඇත්තේ නටබුන් වශයෙන් දැකිය හැකි සාධක කිහිපයක් පමණි. බොහෝ සාධක කාලයත් සමග මැකී ගොස් ඇත. පුරාවිද්‍යාත්මක වශයෙන් බොෙහා් තොරතුරු යටපත් වී ඇති නිසා නිෂ්චිත ස්ථාන සොයා ගැනීමේ ගැටලුවක් මතුවී තිෙබ්. කෙසේ වෙතත් දැනට අැති සාධකවලදී සොයාගත් දෑ පෞරාණික වශයෙන් ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
තුන්වැනි යුගය වශයෙන් සැලකිය හැකි සීතාවක රාජධානිය ක්‍රි.ව. 1521 දී කෝට්ෙට් රාජධානිය බෙදීයාමත් සමඟ බිහිවිය. කෝට්ටේ රාජධානිය බෙදීයාමට පෙර කෝට්ටේ රාජධානිය පාලනය කළේ බුවනෙකබාහු රජතුමායි. රයිගම බණ්ඩාර යටතේ රයිගම් රාජධානයත්, මායාදුන්න යටතේ සීතාවක රාජධානියත් පැවතිණ.
මායාදුන්න රජුගේ පුතකු වූ ටිකිරි කුමාරයා පසුව පිය රජු මරා පෘතුගීසින් සමඟ සටන් කිරීමෙන් පසුව පෘතුගීසින් පළවා හැරීමත් සමඟ ඔහු සීතාවක රාජසිංහ නමින් ප්‍රචලිත විය. ඒ පියා මැරු පාපයෙන් මිදෙන්න මහා සංඝරත්නයේ උපදෙස් පැතුවද ඊට සහනයක් නොලැබුණු නිසා ඔහු සිටියේ මහා සංඝරත්නය සමඟ දැඩි කෝපයෙනි. ඒ නිසා සීතාවක රජු ප්‍රදේශයේ මහා සංඝරත්නය දෙදෙනා වහන්සේලා සමඟ ගැටගසා 120 නමක් සීතාවක ගඟේ ගිල්ලවා මරා දැමිණි. ඒ ස්ථානය අදටත් දැකිය හැකිය. අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ සීතාවක රාජසිංහ මාලිගාව අසලින් ගමන් කළ විට උන්වහන්සේලා ගිල්ලවා මරා දැමූ තැන හමුවෙයි. එම ස්ථානය අද හඳුන්වන්නේ ‘කනාමැදිරිවල’ ලෙසිනි. අඩි 30ක් පමණ ගැඹුරු ස්ථානය අසල නාන තොටුපොළක් වුවත් එම ස්ථානයට අදටත් කිසිවෙක් දිය නෑමට හෝ ඒ අසලට වත් යාමට බියක් දක්වති.
පසුව සිය පියා මැරූ පාපයෙන් මිදීමට ඔහු ඉන්දියාවේ සාමිවරයෙකුගේ සහය පැතීය. එ් අනුව එම සාමිවරයාෙග් උපදෙස් අනුව ඉදිකළ කෝවිල බැරණ්ඩි කෝවිල ලෙස හැඳින්වෙයි. එහි නටඹුන් අදටත් දැකිය හැක.
ආර්ථික හා සමාජීය අතින් වැදගත් ප්‍රදේශයක් ලෙස සැලකූ සීතාවක ගඟ, කැලණි ගඟ හා ගැටගැති ඔයෙන් ආරක්ෂිත වූ ප්‍රදේශයක් නිසා මායාදුන්නේ හා සීතාවක රාජසිංහ යන පිය පුතු දෙදෙනා සීතාවක කේන්ද්‍ර කර ගනිමින් පාලනය කර තිබේ. මෙහිදී එම දෙපලට පරංගින්ගෙන් දැඩි සතුරු ප්‍රහාරවලට ලක්වීමට සිදුවිය. මායාදුන්න රජුගේ මාලිගාව එකල ඉදිකර ඇත්තේ ගැටහැති ඔය, සීතාවක ගඟ, රිටිගහ ඔය හා බැලුම්ගල කඳු වැටියෙන් ස්වාභාවිකව ආරක්ෂාවක් ඇති ස්ථානයකයි.
අවිස්සාවේල්ලට නුදුරුව රුවන්වැල්ල නගරයේ ‘පෙතන්ගොඩ උයන’ නමින් හැඳින්වෙන රජමඟුල් උයනේ නටබුන් දක්නට ඇත. ෙම් වන විට එහි ඉතිරිව ඇත්තේ උණ පඳුර පමණි. රාජසිංහ රජුට මරු කැඳවූ උණ කටුව පතුලේ ඇනී ඇත්තේ මේ පෙතන්ගොඩ උයනේ දී බව ඉතිහාසයේ සඳහන් වෙයි. රජතුමාගේ මරණය පිළිබඳව කියැවෙන ජන කවියක් ඇත. එය අදටත් ජනතාව අතර ප්‍රචලිතයි.
රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ කටුව පතුලේ ඇනුණාය
එක්ව සිටි සැවෝම වට කොට මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය
මෙම උණ පඳුරු විශේෂය වෙනත් කිසිදු ස්ථානයක දැකිය නොහැකිය. මෙය ඉන්දියාවේ සිට පැමිණි අරිට්ඨ කී වෙණ්ඩු විසින් ගෙනැවිත් බෝ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. පෙතන්ගොඩ උයනේදී උණ කටුව ඇනී මියගිය රාජසිංහ රජුගේ දේහය තැන්පත් කළ ස්ථානය පිළිබඳ විවිධ මත පළ කෙරේ. එක් මතයක් වී ඇත්තේ රජතුමා ගමන් කළ අඟුල කැලණි ගඟෙන් සීතාවක ඔයට හරවා උඩුගම් බලා එන අතර කිකිළි බිත්තරවැල්ල නම් ස්ථානයේ රජු මියගිය බවයි. තවත් මතයක් වී ඇත්තේ රජුගේ දේහයේ අවසන් කටයුතු සීතාවක දී සිදු කළ බවයි. එහෙත් මේ පිළිබඳව නිශ්චිත වශයෙන් සනාථ කළ හැකි පුරාවිද්‍යාත්මක සාධක නොමැත. මේ ස්ථානයේ අදට දැකිය හැක්කේ වඩා උස් නොවූ අවිධිමත් ලෙස පිහිටුවා ඇත් ගල් පතුරු කිහිපයක් පමණි.
රාජසිංහ රජුට පෙතන්ගොඩ උයනේදී ප්‍රතිකාර කර අඟුලේ දමා පහළට පැමිණි අතර රජු කටින් පෙන දමා මියගිය බව තවත් මතයකි. රාජ දේහයට කළ යුතු බුහුමන් නොදන්නා සිටි රාජ සේවක පිරිස දිය ඇළ දිගේ අඟුල ගෙනැවිත් දෝනාවක් වැනි තැනක තබා වැසූ බව තවත් ප්‍රසිද්ධ මතයකි. වැලිපිටිය නමින් ඒ ප්‍රදේශය හඳුන්වන අතර වැලිපිටියේ සොහොන අසලට එන්න ඇති දෝනාව වගේම කැලණි ගඟේද ඇළක් ඇත.
සත්කෝරළයේ දී කන්ද උඩරට සීතාවක රාජ්‍යයේ ගමන්මඟ හඳුන්වාදී ඇත්තේ ‘රට මැද පාර’ හා ‘සිංහල පාර’ වශයෙනි. සීතාවක මායාදුන්න රජතුමාගේ නියෝගය මත ‘ආර්ය’ නම් ඇමති රජ මාලිගාව, රාජ සභාව, පරිවාර මාලිගාවන්, මං මාවත්, මල් උයන් ආදියෙන් සුන්දර නගරයක් ලෙස සීතාවක නුවර පත්කළේය. මායාදුන්නේ හා ඔහුගේ පුත් සීතාවක රාජසිංහ රජවරුන් විනාශ කිරීමට පැමිණි පෘතුගීසින් හා ඔවුනට පක්ෂපාතින් පලවා හැරීම සඳහා 1592 දී කොළඹ කොටුව හා යාපනයේ සුළු ප්‍රමාණයක් හැර සෙසු පළාත් සීතාවක රාජධානියට අයත් කර ගත්තේය.
සීතාවක රාජ මාලිගය තිබූ ස්ථානය අසල බිසෝවරුන්ගේ මාලිගාව හෙවත් පල්ලේ වාහල යන ස්ථානය ඇත. එහි සාධක වශයෙන් ඔප දැමූ ගල් පුවරු කිහිපයක් පමණක් තිබී ඇති අතර එහෙත් ඒවා මේ වන විට විනාශ වී ගොස් තිබේ. මාලිගයේ බිසෝවරුන්ට මෙන්ම රාජ කුමාරියන්ට ආභරණ තැනූ රාජකීය පට්ටලය තිබූ ස්ථානය ‘පට්ටල්වත්ත’ලෙස ව්‍යවහාරයේ පවතී. මාලිගය පිටුපස කඳු මුඳුනේ කුඩා බළකොටුවක් පෘතුගීසින් විසින් පසු කාලයේ ඉදිකර තිබේ. මායාදුන්නේ රජු දවස පණිවිඩ යැවීමට ඊතල විදින ස්ථානයක් ලෙසද ආරක්ෂිත මුර පොළක් ද ඉදිකර තිබේ.
රුවන්වැල්ල එල්ලෙන පාලම – ලංකාවේ දිගම එල්ලෙන පාලම
Ruwanwella Suspension Bridge ( The Longest Suspension bridge of Sri Lanka)
එල්ලෙන පාලම් නැත්තන් සංගිලි පාලම් කියන්නෙ ගඟක් හරහා දාලා තියන පටු පාලමකටනේ. මේක වැලක් ස්වරූපයෙන් තියන නිසා එල්ලෙන පාලම් කිව්වට වරදක් නෑ. ඉස්සර නම් මේ පාලම් හැදුවෙ ලණු යොදාගෙන. ඒත් දැන් වානේ කේබල් යොදාගෙන තමයි හදන්නේ. යාන්තමට දෙන්නෙකුට මාරු වෙන්න පුළුවන් පළලකට තමයි මේ පාලම් හදලා තියෙන්නෙ. කේබල් හරහා ලෑලි දාලා හදලා තිබ්බත් නඩත්තුවෙ හොඳකම නිසා ගොඩක් පාලම්වල ලෑලි ගැලවිලා තියනවා. මේ පාලම් වලින් එගොඩ වෙන එක ත්‍රාසජනක අත්දැකීමක් වගේම මාරම ෆන් එකක්. අඩියක් තියනකොට හෙලවෙන මේ පාලමක අත්දැකීම ගන්න ඒකකින් යන්නම වෙනවා.
රුවන්වැල්ල නගරය අසළින් ගලා බසින කැළණි ගඟ, නගරයට එක්කරන්නේ, වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සිරියාවක්.
මේ පාලම අඩි 550 ක් දිග බව එහි සමරු ඵලකයේ සඳහන් වෙනවා. අද මෙය ලංකාවේ දිගම එල්ලෙන පාලම (Suspension Bridge) ලෙස සැළකෙන බවයි මගේ මිතුරා මට කිව්වේ. මේ පාළම 2007 වර්ෂයේදී සබරගමුව පළාත්සභාව විසින් ඉදිකරන ලද්දක්. මා සොයා බැලුවා ලංකාවේ එල්ලෙන පාළම් ගැන වෙනමම තොරතුරු ඇද්ද කියා. නමුත් එය සාර්ථක වුනේ නැහැ.
පාළමෙන් එගොඩවෙන ප්‍රදේශය හඳුන්වන්නේත් ‘පාලංගමුව’ කියලයි. ඊට එහා තියෙන්නේ නිකවලමුල්ල, කුරුපැත්ත වැනි ගම්මාන. ගම්පොල කඳුවැටි ආශ්‍රිතව උපත ලබන ගුරුගොඩ ඔයත් ශ්‍රීපාද කඳු පන්තිය ආශ්‍රිතව උපත ලබන කැළණි ගඟත් රුවන්වැල්ලේදී එක්වෙනවා.
ගුරුගොඩඔය හා කැලණි ගඟ මුණගැසෙන මංසන්ධියේ ඉදිවූ සුන්දර මිනිස් නිර්මාණයක් ලෙස රුවන්වැල්ල සංගිලි පාලම හැදින්විය හැකිය.
අඩි 550ක් දිග මෙම සංගිලි පාලම ලංකාවේ දිගම එල්ලෙන පාලම ලෙස සලකනු ලබනු අතරම හැන්දෑ හිරු බැස යන යාමයේ දහසක් මිනිසුන්ගේ හිත්වල සැගවුණු මතක අවදි කරන තවත් සොදුරු කඩඉමකි.
වී ඔය කැළණි ගඟට එකතු වන ස්ථානය – යටියන්තොට
When we travel to Kithulgala, we suddenly notice this place and entered there and had a chat with the owner. This is a hotel area called “Wana Wadula” but this place is a man-made forest with a beautiful environment.
Previous Trip reports of this series –
Thank you for reading !