Year and Month | March, 2013 |
Number of Days | Three Day Trip |
Crew | 8 (between 22-44 years of age) Manju, Jayanetthi, Sanne, Milan, Ajith, Suresh, Supun,& Sumith. |
Accommodation | Pitadeniya Niwahana (Forest Department Bungalow) Can be booked in Colombo or Matara Forest Department Office. |
Transport | One Mitsubishi 4DR5 Jeep & One Defender Jeep |
Activities | Photography, Hiking, Waterfall Hunting, |
Weather | from time to time Rainy |
Route | Kamburupitiya -> Akuressa -> Bangama -> Udugama -> Thawalama -> Neluwa -> Kosmulla -> Lankagama -> Pitadeniya -> Wathugala -> Singhagala & Return Same Route. |
Tips, Notes and Special remark |
|
Related Resources | Trail Guide: Trail to “Hariyawa Dola” waterfall complex – Sinharaja Rain Forest |
Author | sumith |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
අපගේ මෙම සංචාරයේ මූලික අරමුණ වූයේ සිංහරාජ වනාන්තරයේ සිංහ ගල සොයායාමයි.
කඹුරුපිටියෙන් උදේ 7ට පමණ ගමන් ආරම්භ කර අනෙක් සාමාජිකයින් 5 දෙනා සමග අකුරැස්ස, උඩුගම හරහා නෙලුව බලා ගමන් ගත් අතර මංජු සහ ජයනෙත්ති පිලියන්දලින් ගමන් ආරම්භ කර දක්ෂිණ අධීවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පැමිණ පැලවත්ත හරහා නෙලුවට පැමිණ අප හා එක්විය. නෙලුවෙන් අවශ්ය ආහාර ද්රාව්ය හා අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු අප පලමුවෙන්ම නෙලුව ලංකගම මාර්ගයේ නෙලුවේ සිට 7km ක් පමණ දුරින් පිහිටි කොස්මුල්ල දුවිලි ඇල්ල නැරඹීම සඳහා ගියෙමු. අප එම ස්ථානයට ලඟාවනවිට වර්ෂාව ඇදහැලෙමින් පැවතිනි. වර්ෂාව නොතකා ඇල්ල නැරඹූ අප, අපගේ දිවා ආහාරය එම ස්ථානයේදී ගැනීමට සූදානම් කර තිබුනත් වර්ෂාව නිසා දිවා ආහාරය නොගෙනම එම ස්ථානයෙන් පිටත් වී ලංකගම බලා ගමන් ඇරඹීමු. 11km ක් පමණ දුර ගෙවා ලංකගමට පැමිණෙන විට සවස 3.00 පමණ විය.
කොස්මුල්ලෙන් පසු මාර්ගය ඉතා පටුවන අතර, අධික කඳු බෑවුම් සහ වංගු සහිත එම මාර්ගයේ ඉතා සැලකිල්ලෙන් රථ ධාවනය කල යුතු විය. මාර්ගය ලංකගම තෙක් කොන්ක්රීට් අතුරා ඇති නමුත් සමහර ස්ථාන කැඩී ගොසින්ය.
ලංකගම ගම්මානයට පැමිණෙන විටම මාර්ගයේ වම් අත පැත්තෙන් දර්ශනීය දිය ඇල්ලක් දිස් වේ.එය බ්රාමහ්මණ ඇල්ලයි. එයට ඉහලින් තවත් දිය ඇලි හතරක් පිහිටා ඇත. ඇලි නැරඹීම පසුවට කල් තැබූ අප අපගේ නවාතැන වූ පිටදෙනිය නිවහන බලා ගමන් කලෙමු.
ලංකගම පාසල පසුකර ඉදිරියට යන විට පිටදෙනිය සංචාරක කළාපය, හා ලංකගම සංචාරක කළාපයට ඇති මාර්ග පෙන්වන පුවරුව හමුවේ. ඔබ පැමිණෙන්නේ 4WD හා Winch සහිත ජීප් රථයකින් නම් පිටදෙනිය සංරක්ෂණ මධ්යබස්ථානයටම ගමන් කල හැක. ඒ සඳහා ලංකගම සංචාරක කළාපය පෙන්වා ඇති දිශාවට ගමන් කරන්න. දැන්වීම් පුවරුවෙන් දකුණට හැරෙනවත් සමග ඉදිරියෙන් යකඩ පාළමක් හමුවේ. එම පාලමෙන් ගමන් කර 500m ක් පමණ ඉදිරියට යනවිට මාර්ගයේ දුෂ්කරම කොටස හමු වේ. ටැක්ටර් ගමන් කිරීම නිසා මාර්ගය දෙපස හෑරී දැඩි ලෙස අබලන් වී ඇත. අප ගමන් ගත් ජීප් රථද එම මාර්ගයේ ධාවනය කරවූයේ ඉතා අපහසුවෙනි. මාර්ගයේ සමහර ස්ථානවල්දී ගල් දමා සකස්කර ගැනීමට සිදුවිය. එක් ස්ථානයකදී Winch එක පවා භාවිතා කිරීමට සිදුවිය.
ඔබ පැමිනෙන්නේ වෑන් රථයකින් නම් එම මාර්ගයේ ගමන් කල නොහැකි අතර දැන්වීම් පුවරුවේ ඇති පිටදෙනිය සංචාරක කළාපය ලෙස පෙන්වා ඇති දිශාවට ගමන් කල යුතුය. එවිට පිටදෙනිය සංරක්ෂණ මධ්යනස්ථානයට වාහනය රැගෙනයාමට නොහැක. එම මාර්ගයේ 1km ක් පමණ ඉදිරියට ගිය විට ආරණුව දොළ හරහා ඇති පටු යකඩ පාළම හමුවේ. ඒ ආසන්න ආරක්ෂිත ස්ථානයක වාහනය නවතා, එතැන් සිට අඩි පාරේ 300m පමණ ගිය විට ගිංගඟ හරහා ඇති වැල් පාළම හමු වේ. වැල් පාළමේ අනෙක් පස ඇත්තේ පිටදෙනිය සංරක්ෂණ මධ්යපස්ථානයයි.
මෙම පිටදෙනිය සංරක්ෂණ මධ්යගස්ථානයට ආසන්නයේම වනිගසේකර නිවහන පිහිටා ඇති අතර ඊට 50m ක් පමණ දුරින් ගිංගඟ නිවහන පිහිටා ඇත. ගිංගඟ නිවහනට 30m ක් පමණ දුරින් පිටදෙනිය නිවහන පිහිටා ඇත.
අප පිටදෙනිය සංරක්ෂණ මධ්යගස්ථානයට පැමිණ සුලු මොහොතකින් වර්ෂාව පතිතවන්නට විය. එම ස්ථානයේ සිටම දිවා ආහාරය ගන්නා විට වේලාව සවස 4.30 පමණ විය.
අපගේ අනන්ය්යතාව තහවුරු කිරිමෙන් පසු රැගෙන එන ලද ආහාර ද්රතව්ය හා ඩීසල් භාර දීමෙන් පසු අපගේ නවාතැන වූ පිටදෙනිය නිවහනට වර්ෂාව මධ්යලයේම ගියෙමු. සවස 6.30 පමණ වනවිට අවට තිබූ නිහැඬියාව බඳ දමින් විදුලි ජනකය ක්රිලයාත්මක විය. එයින් නැගුනු අධික ගෝෂාව නිසා අපටද ඇතිවුයේ ඉතා අප්රබසන්න හැඟීමකි. ඒ අවස්ථාවේ විදුලිජනකය අක්රී යකරන ලෙස ඉල්ලා සිටීමටද හැකියාවක් නොමැති වූයේ, ඒ වනවිට වනිගසේකර නිවහනේ තවත් කණ්ඩායමක් ලැගුම් ගෙන සිටි නිසාවෙනි.
එදින රාත්රීක ආහාර ගැනීමෙන් පසු අප පසු දින දිවා අහාරය පාර්සල් කරදෙන ලෙස ඉල්ලා සිටි අතර අපට සිංහ ගලට යාමට මගපෙන්වන්නෙකු ලබා දෙන ලෙසද ඉල්ලා සිටියෙමු.
පසු දින උදේ 8.30ට පමණ සිංහ ගලට යාමට ගමන් ඇරඹූ අපට අනුර නම් මග පෙන්වන්නෙකුගේ සහාය ලැබුනි. අධික ලෙස කූඩැල්ලන් සිටින නිසා අධි සාන්ද්රරන්යෙන් යුත් ලුණු වතුර බෝතලයක් සාදා ගන්නා ලෙස ඔහුගෙන් උපදෙස් ලැබුනී. අප ලුණු වලට අමතරව සබන් හා සිද්ධාලේප රැගෙන ගියෙමු. සබන් හා සිද්ධාලේප කූඩැල්ලන්ට එතරම් තර්ජනයක් නොවුවත් ලුණු වතුර කූඩැල්ලන්ගෙන් අපව ගලවා ගැනීමට සමත් විය.(සිංහගලට යන තෙක් පමණී)
පිටදෙනිය නිවහනේ සිට සිංහ ගලට 14km ක් පමණ දුර බව ස්ථාන භාරකරු අපට පැවසීය. අපේ මග පෙන්වාන්නා වන අනුර ද එය සනාථ කරනු ලැබීය. පිටදෙනිය නිවහනෙන් ගමන් ඇරඹූ අප ගිංගඟ හරහා ඇති වැල් පාළම හා ආරණුව දොල හරහා ඇති පටු යකඩ පාළමෙන් එගොඩ වී වතුගල ගම්මානය හරහා 3km ක් පමණ ගොස් සිංහරාජ වනයට ඇතුලුවිය. වතුගල ගම්මානය හරහා පැමිණෙද්දී අධික වෙහෙසක් දැනුනමුත් වනයට ඇතුලු වූ විගස එය පහව ගියේය.
ඝන වනාන්තරයේ පැහැදිලි අඩි පාරවල් නොතිබූ අතර අපගේ මගවෙන්වන්නාද තැනින් තැන මග සළකුණු තබමින් අපව රැගෙන ඉදිරියට ගමන් කලේය. වනය තුල 5km ක් පමණ ඉදිරියට යද්දී අපට එම ප්‍රදේශයේ අලි ගැවසුනු බවට හැඟෙන සලකුණු හමුවිය. විශාල අලියෙකුගේ හා කුඩා අලියෙකුගේ පා සලකුණු අපට පැහැදිළිව දැකගත හැකිවිය. බිම දමා පොඩිකර ආහාරයට ගත් කිතුල් ගසක කොටස් ද අපට හමු වූ අතර, එම ගසේ කොලවල තිබූ පැහැය අනුව එය සතියකට මෑත කාලයක බිමදැමූ ගසක් බව පැහැදිලිව පෙනිනි. අලි වසුරුද හමු වූ අතර ඒවාද එතරම් දවස් ගත නොවූ බවක් පෙනින. අප ගමන් කල යුතු මග අලීන් ගමන් කල මගම විය. අලි ගමන් කල මාර්ගයේ 4kmක් පමණ අප ගමන් කල අතර එම මාර්ගය දල බෑවුම් සහිත කඳු හරහා වැටී තිබුනි. සමහර ස්ථානවලින් අලි කෙසේ ගියේදැයි අපට සිතාගැනීමටත් අපහසු විය. මාර්ගය ඉතා පටු වන අතර පහළින් විශාල හෙල වල් තිබූ ස්ථානවලින් අලි ගමන් කර තිබුනි. අපද එම මාර්ගයේ ගමන් ගත්තේ මාර්ගයට ඉහලින් ඇති ගස් වල එල්ලී ගෙනය. අපගේ මගපෙන්වන්නාද අවුරුදු 20ක් පමණ සිංහ ගලට යන මාර්ගය ගැන අත්දැකීම් සහිත පුද්ගලයෙකු වුවත් ඔහුටද මෙය ආගන්තුක දර්ශනයක් බව අපට හැඟීනි.
10kmක් පමණ ගමන් කල අප තැනිතලා ප්ර්දේශයක් හරහා ගමන් කලෙමු. එහි ගලායන දොලපහරවල් කිහිපයක් හමුවූහ. එහි ජලය ඉතා පිරිසිදු තත්වයේ තිබූ අතර අප පානය කලේද එම ජලයයි. සිංහ ගල නැගීමට ආසන්න වෙද්දී අපගේ මග පෙන්වන්න පවසා සිටියේ අප රැගෙන ආ බෝතල් වලට ජලය පුරවා ගන්නා ලෙසයි. අප සිංහ ගල නැගීම පටන් ගත් අතර එය සීග්ර නැගීමක් සහිත විය. මාර්ගය පැහැදිලිව නොපෙනුනත් අනුර ගමන් ගත් මාර්ගයේ අපද ගමන් ගතිමු. කන්දේ ටික දුරක් යනවිට අපට ඉතා අධික වෙහෙසක් දැනුනමුත් තැනින් තැන කෙටි විවේක ලබාගනිමින් අප කන්ද මුදුනටම පැමිනියෙමු. ඉන් පසු සුලු දුරක් කන්ද අනෙක් පසට බැසීමෙන් සිංහ ගල නම් ස්ථානය හමු විය. එවිට වේලාව දහවල් 12.30 පමණ විය. අපට සිංහ ගලට පැමිනීමට පැය 4ක් පමණ ගතවී තිබුනි.
සිංහ ගල උඩට පැමිණි මට මතකයට ආවේ පළමුවෙන්ම ලෝකාන්තයට ගියපු ගමනයි. මෙම ස්ථානයද ඊට ටිකක් දුරට සමානය. පහලින් ඇති ප්රටපාතය ටික වේලාවකින් මීදුමෙන් වැසීගිය අතර එයද ලෝකාන්තය මෙන් විය.
අං ශක 300 ක පමණ පුලුල් පරාසයක් නැරඹිය හැකි එම ස්ථානයට රත්නපුර, මාතර, සහ ගාල්ල දිස්ත්රී ක තුනම දැකගත හැකි වීම විශේෂත්වයකි. මීදුම තුරල් වූ විට ඈතින් පෙනෙන ගොංගල කඳුවටිය පැහැදිලිව දර්ශනය විය. අප සිංහ ගලට පැමිණ ස්වල්ප වේලාවකින් පසු මද වර්ෂාවක් ඇදවැටුන අතර ටික වේලවකින් එය පහව ගියේය. ඉන් ටික වේලවකට පසු අප රැගෙන එන ලද දිවා ආහාරය එම ස්ථානයේදී ගත්හ. ටික වේලාවක් එම ස්ථානයේ රැඳී සිටි අප මීදුම ගලා ඒමත් සමග එම ස්ථානයෙන් පිටත්වූහ. අප සිංහ ගල කන්ද බැසීම ඇරඹීමත් සමග තද වැසි පතිත වන්නට විය. වැස්සට තෙමි තෙමී ගමන් කරන අපට ලොකුම බාධකය වූයේ අපගේ කැමරා උපකරණ වැස්සෙන් ආරක්ෂාකර ගැනීමයි. අප පහසුවෙන් පසුකර ගිය දොල පහරවල් වලින් නැවත පැමිනෙන විට විශාල ජලපහරවල් ගලායාම නිසා අපට එම ස්ථාන පසුකිරීමට සිදු වූයේද ඉතා අපහසුවෙනි. අප නැවත පැමිනෙන විට වැස්සට හසුවීම නිසා ලුණු වතුර සහ සබන් වලින් කිසිම ප්රසයෝජනයක් නොවූ අතර කූඩැල්ලන්ගේ දැඩි ප්රඹහාරයට ලක්විය. අප නවාතැනට පැමිනෙනවිට සවස 5.00 පමණ විය.
පසු දින උදේ 8.30ට පමණ අප පිටදෙනිය නිවහනෙන් පිටත් විය. එසේ පැමිනෙන අතරතුර ලංකගම ආසන්නයේ ඇති දිය ඇළි නැරඹීමටද ගියෙමු. මෙහිදී 1km ක් පමණ දුරක් තුල දියඇළි 5ක් දැකගත හැකිවීම විශේෂත්වයකි. මාර්ගය ආසන්නයේ ඇති අවසරපත් කවුලුවෙන් අවසරපත් ලබාගත් අප මගපෙන්වන්නෙකු සමග පිටත්විය. පලමුවෙන්ම ඔහු අපව රැගෙනගියේ බ්රා හ්මණ ඇල්ල වෙතයි. එය තරමක් පළලින් වැඩි දිය ඇල්ලකි. ඊලගට අප ඌරා වැටුන ඇල්ලට ගියහ. මෙම ඇල්ල නැරඹූ අපට හැඟී ගියේ මෙය ඌරා වැටුන ඇල්ල නොව රූටා වැටෙන ඇල්ල ලෙසයි. මක්නිසාදයත් එය ගල්තලාව දිගේ රූටා වැටෙන නිසයි.
ඌරා වැටුන ඇල්ලෙන් වැටෙන ජල පහර ඊට පහළින් පිහිටා ඇති පටු එහෙත් ගැඹුරු ගල් දොරුවකට ඇද වැටේ, එය ගල්දොරුව ඇල්ලයි. එය ආරක්ෂිතව නැරඹීම සඳහා කුඩා වේදිකාවක් ඉදිකර ඇත. ගල්දොරුව ඇල්ලෙන් ගලායන ජලය ඊලඟට එකතුවන්නේ බ්රා හ්මණ ඇල්ලටයි
ඊලඟට අප ගියේ දුවිලි ඇල්ල බැලීමටයි. එය තරමක් උසින් යුත් දිය ඇල්ලක් වන අතර එයින් විසිරී යන ජල බිඳිති ඒ අවට දූවිල්ලක් සේ ගුවනට මුසුවේ. එම නිසා ඇල්ල ආසන්නයට ගිය විට ජලයෙන් නැහැවීයයි. ආසන්නයේ සිට ඡායාරුපයක් ගැනීම පවා අසීරුය. අප එම ස්ථානයට යනවිටත් විශාල පිරිසක් එහි නාමින් සිටියහ. දූවිලි ඇල්ලෙන් ගලායන ජලය එක්වන්නේ ඊට පහළින් පිහිටි තට්ටු ඇල්ලටයි. එය තට්ටු 2කකින් යුතු අතර තරමක් පළලින් යුතු ඇල්ලකි. තට්ටු ඇල්ලෙන් ගලායන ජලය එකතුවන්නේද බ්රාඑහ්මණ ඇල්ලටයි. දිය ඇලි නැරඹීමෙන් පසු ආපසු ගමන් ඇරඹූ අප නෙලුවට ලඟා වූ පසු මංජු හා ජයනෙත්ති අපෙන් සමුගෙන පිලියන්දල බලා පිටත් වූ අතර අප කඹුරුපිටිය බලා නැවත පැම්ණි මාර්ගයේම පිටත් වීමූ.
Singharaja Rain Forest Map
1 – Wathurawa- Mulawella2 – From Kudawa Conservation Centre to Nawanda Tree3 – From Sinhagala Trail to Gal Len Yaya4 – Sinhagala trail from Kudawa5 – Kohila Aramba Trail6 – Kekuna Ella and Patan -oya Ella Trail
7 – Sinhagala Trail from Pitadeniya 8 – Duwili Ella Trail from Denuwakanda 9 – Duwili Ella Trail from MCC 10 – From Morningside to the natural pool 11 – Trail from Kosmulla via Duwili Ella to Siththara gal lena (cave) |
A – Kudawa Conservation CentreB – Jeep track from Kudawa Conservation Centre to Kudawa Research StationC – Mulawella PeakD – Kudawa Research StationE – Gal Yen YayaF – Sinhagala Peak
G – Pitadeniya Conservation Centre H – Pitadeniya Ticket Counter I – Track from Mediripitiya to Pitadeniya ConservationCentre J – Kohila Aramba K – Kekuna Ella L – Patan-oya Ella M – Duwili Ella (Kosmulla) N – Morningside Conservation Centre O – Natural Pool P – Duwili Ella (Morningside) |