Year and Month | 13-June-2020 |
Number of Days | One |
Crew | 03 |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Photography, Sightseeing, Nature Exploring, Caving |
Weather | Good |
Route | Colombo -> Piliyandala -> Bandaragama -> Pokunuvita -> Horana -> B.D.L. Gunasekara Mawatha -> Elle Kanda |
Tips, Notes and Special remark |
|
Related Resources | None |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
වනහාමිගේ ගල්ගුහා
හොරණ නගරයට ඉහළින් පවතින ඇල්ලේ කන්ද ගැන බොහෝ දෙනෙක් දනී. නමුත් එහි ඇති වටිනාකම් ගැන බොහෝ දනා නොදනී. අප අදටත් ඇල්ලේ කන්දේ සැගවී ඇති හිරඤ්ඤමළය සොයා යමු. රයිගම් කෝරළයට අයත් භූමිය කඩවත් පොතට අනුව අතීතයේ බෙදී පැවතියේ හිරඤ්ඤමළයට සහ පානබුන්න දනව්වටය. මහා පරාක්රුමබාහු රජ සමයේ එතුමාගේ නිලධාරියෙකු වන අලකේෂ්වරාභිදාන අලගක්නෝණාර නම් ඇමතියෙකු විසින් මෙම සම්පූර්ණ හිරඤ්ඤමළයත්, පානබුන්න දනව්වේ කොටසකුත් එක්කර රයිගම් රාජධානියට පදනම දැමීය.
අද රයිගම් කෝරයට අයත් උඩුගහ පත්තුව, කුඹුකේ පත්තුව හා නැගෙනහිර මුංවත්තේ බාගේ පත්තුව එදා අයත්ව තිබුනේ හිරඤ්ඤමළයටය. පාන බුන්නදනව්ව ගැන පැපිලියානේ සිට පානදුර දක්වා වූ කලාපය අයත්ව පැවති බව පැපිලියාන සෙල්ලිපියේ සදහන්වේ. අපිට අවධානය යොමු කළයුතු අතිශය වැදගත්ම සෙසු දනව්ව වනුයේ හිරඤ්ඤමළ දනව්වය. 2පුරාවිදුදරයෝ හිරඤ්ඤ මළය ගවේශනය කලහොත් ඉතිහාසයේ විසල් පැතිකඩක් නිරාවරණයවේ. දෙවන පරාකුමබාහු රජුගේ ඇතියෙකුවන දේව පතිරාජයින් විසින් හිරඤ්ඤමළයේ පතිරාජ පිරිවෙන කරවන ලදී. මෙය අද මෙය වර්තමාන හොරණ රජමහා විහාරයැයි මතයක් ඇත. මෙහි විසිරී ඇති විශාල නටබුන් පුමාණය එයට සාක්ෂි සපයයි. මෙය අපිට තවත් සනාත කරගත හැකි පුවතක් වන්නේ මහා වංශය දක්වන්නාවූ ආකාරයටම කෙසෙල් හේනාවේ මාළිගයක් කර වාසය කරන ගමන්ම පාලමක් හා පතිරිජ පිරිවන කරවූ බව සඳහන් වීමෙනි. කෙසෙල්හේනාවට ආසන්නම මහා පිරිවෙනක නටබුන් හමුවන්නේ හොරණ රජ මහා විහාරයෙන් බව අපි කව්රුත් දනිමු.මහා විජයබාහු රජුගේ සටන් විස්තරය දක්වන මහා වංශයේ 55-57 හිරඤ්ඤමළයේ රෙමුණ බලකොටුව ගැන සදහනක් කරයි.
රෙමුණ කුමරුන් පැන්නගල හොරණ කළුතර පාරේ පවතින විසල් ශේෂ කන්දක් බලකොටුව ලෙස සකස් කර ගත් මරමස්ථානයකි. මේ ඉතිහාස මූලාස්රේ අනුව හිරඤ්ඤ මළය හෙවත් හිරන්යවය මලය පිහිටිය යුත්තේ රයිගම් කෝරළයේ හොරණ ආශ්රිේතව බවයි. හිරණ- හොරණ බවට වර්තමානයේ පරිවර්තනය වී ඇති බව අපට වාග් විද්යාමත්මකව පෙනී යයි. එසේනම් පතිරාජ පිරිවෙන ආසන්නයේ මෙම නගරය පැවතිය යුතුය. මන්ද මහා පිරිවෙක භික්ෂු භික්ෂූනින් වහන්සේලාට යැපීම පිණිස සත්කාරක පුරවරයක් මේ ආසන්නයේම පැවතිය යුතු පවකි. මෙයට ආධාර සාධක හිමිවන තවත් සෙල්ලිපියක් හොරණ තදාසන්නයේ පවතින පොකුණු විට කොඤ්ඩඤ්ඤාරාමය නොහොත් ගලේ දක්නට ලැබේ. එහි පවතින්නේ අසල පැවති මහා වෙළදපළක ලැබෙන්නාවූ ආදායමෙන් කොටසක් විහාරය වෙත පිදිය යුතු බවකි. එසේනම් අනුරාධපුර යුගයේ පටන්ම හිරන්යැ මළය ජනාකීර්ණව පවතිය යුතුව ඇත.
හිරණ්යව මළය යන්නෙහි වචනාර්ථය හිරණ්යස කන්ද යන්නය. නොඑසේනම් හිරණ්යේකගේකන්ද යන්නය. එසේනම් එය පාලන මධ්යළස්ථානයක් හාදුර්ගමය බලකොටුවක් විය යුතුය. එවැන්නක නටබුන් හමුවන්නේ හොරණ නගරයට ඉහළින් පවතින ඇල්ලේකන්දෙනි. අදටත් හිරණ්යයක නම් යක්ෂයකු පිලිබද රයිගම් කොරළයේ ජනප්රහවාදයේ ඇත.මේ අතරින් යක් පැටියාගේ කතාව විශේෂිතය. ඒ හිරණ්යනක නම් යක් පැටියා මවගේ වෑයමෙන් නොව සිය වෑයමෙන්ම දනිපණි ගා උපන් බවකි. වැදෑ මහ සිය මුවෙන් කඩා ලිප් ගල් තුන මත වාඩීවලු. මේ දුටු යක්ගෝත්රනයේ රැහේ ඇත්තෝ බියපත්ව තම ජනපදයෙන් පහළ සොහොන් ගල් ගෙයට පන්නා දැමුවේලු. මෙසේ යක් පැටියෙක් යැයි කියන්නට හේතුව හිරණගේ මව දිතී දරුවාගේ පියා සැගවීම නිසයි. මෙසේ හිරණ්යික හා ඔහුගේ මව දිතී දුරාතීතයේ ජීවත් වූ ගල්ගුහාව ලෙස සැළකෙන්නේ හොරණ වණ හාමිගේ ගල් ගුහාවයි. ඒ හා සැබැදි අපූරු ජන කතාවක්ද පවතී. සැවැනි පැරකුම්බා රජු පළමුව රජ වූයේ රයිගමය. මෙකල ඉස්ලාම් ආක්රසමණයන්ට හසුවීමට අකමැතිවූ කාළිංග කුමරියක් බ්රමහ්මණයෙක් යැයි වෙස්වලාගෙන නැව් නැග හෙළදිවට පැමින හිරඤ්ඤ මළයේ (හොරණ) ඇල්ලේ කන්දට පැමිණේ.
ගම් වැසියන් සමග එක්ව සිරිපා කරුණා කිරීමටද බ්රාළහ්මණ වෙස් ගත් මේ තරුණිය යයි. මේ බ්රා හ්මණයා ගැන සෙවීමට සිතූ රජු වෙස්වලාගෙන පැමින සැගවී බලාසිටියි. ඇල්ලේ කන්දේ දිය ඇල්ල අසල දියනෑමට ඇදුම් ගලවද්දී මේ බ්රාලහ්මණයෙක් නොව සුංදර තරුණියක බව රජ දැන ගනී. අනතුරුව රජවාසලට ගෙන්වා ඇගේ තතු විමසා තමන්හා විවාහ වීමට කැමති දැයි අසයි. ඇගේ කැමැත්ත ලැබුනිසා සයවන පැරකුම්බා රජ ඇයව විවාහ කරගනී. ඇතම් අය කියනුයේ මැගේ නම හොරණෑවති බිසව බවය. ඔවුන් ඉතා ආදරයෙන් විවාහ දිවිය ගෙවුවද පසුව කොට්ටේ වාසය කරද්දී මේ බිසවට කුෂ්ඨ රෝගයක් වැළදේ. (වසූරිය යැයි සැලකේ) බෝවන රෝගයක් වූ නිසාවෙන් ඇයව රජ මාළිගයෙන් පිටමන් කිරීමට සිදුවේ. මෙහිදී ඇගේ කැමැත්ත වන්නේ තමන් බ්රා හ්මණ වෙස් ගෙන සිටි හිරණ්යැමළයේ ගල්ගුහාවට යෑමටයි. රජු එයට අවසර දී ආවතේව පිණිස දැසිදස්සන්ද එහි යවයි. මේ වනගතව සිටින බිසව ගැමියන් හැදින්වූයේ වනහාමි යන නමිනි. ඇගේ මරණයෙන් පසු රජු පැමිණ ගෞරවණීය ආදහනයක් කළද ප්රසදේශවාසීන්ගේ මතකය අදටත් වනහාමිගේ ගල්ගුහාව නමින් පවතියි. පසු කාලයේ පෘතුගීසි, ලංදේසි බලපෑම් වලින් පසුව ඉංග්රී සින්ට හිරන්යගමළය ඇතුළු කුඹුකේ පත්තුවද හිමිවිය. වනහාමිගේ ගල්ගුහාව පැවති ඇල්ලේ කන්ද රබර් වතු යායක් බවට පත්විය. පසුව ඇල්ලේ කන්දේ දිය ඇල්ලේ ජල පෝෂකයේ වතු කම්කරුවන් සඳහා නිවාස සකස්කිරීමෙන් තවදුරටත් භූ පරිසරය වෙනස් විය. නිදන් හොරුන්ගේ අවදානයට මිස බලධාරීන්ගේ අනවදානයට ලක්ව මේ මහාහැගි ඓතිහාසික රයිගම් උරුමය වියැකෙමින් පවතී.
GPS Location – 6.728832,80.063087
Thank you for reading !