Year and Month | 31-March-2018 |
Number of Days | Two |
Crew | 05 |
Accommodation | N/A |
Transport | Public Transport |
Activities | Hiking, Nature Exploring, Photography, Sightseeing |
Weather | Good |
Route | Colombo -> Avissawella -> Ratnapura -> Balangoda -> Haputale -> Badulla -> Passara -> Madulsima Road ->Madolsima ->Verallapatana Tea Factory |
Tips, Notes and Special remark |
|
Related Resources | Article by LankaNews |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
අඩි 4500ක බෑවුමේ පිහිටි අඩුවෙන්ම ඉර පායන ගම්මානය
පවුලක පැතුම් හිස බර දරාගෙන කරුණෙ අයියා වන බුටැවන් මැද්දෙන් කළුවරේම කන්ද බඩගාන්නේ තනිපංගලමේය. කුඩා කල සිටම තමන්ගේ පයට ගෙවුණු රළු ගල් බොරළු පාර කරුණෙ ඔහුට හොඳට හුරුය. කරුණෙ අයියා පමණක් නොව, කොහොනාවල නම් හුදෙකලා ගම්මානයේ වෙසෙන බොහෝ ගැමියන් තමතමන්ගේ කුඩා ගෙවත්තේ ඵලදාව එක්කරගනිමින් දෛනිකව මඩො හෝ කැලෑ කොළ මිටියක් රැගෙන කඳුකර මාවතේ කිලෝමීටර දොළහක දුර පාගමනින් යන මේ වැසියෝ එදා දවසේ ජීවිතය සැලසුම් කරන්නේ තම තමාට එදිනෙදා ලැබෙන මුදල මතය.කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවන වෘත්තිය කොටගත් කොහොනාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම නගරයට කිලෝමීටර දොළහක දුරිනි. ප්‍රධාන නගරයේ සිට මඩොල්සිම තේ වතුයාය හරහා වැටී ඇති දුෂ්කර පටු දිගු කඳුකර මාවතෙහි පා ගමනින් පමණක් ළඟාවිය හැකි මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි. අයස්කාන්ත කඳු වලල්ලකින් වටවූ මේ හුදෙකලා ගම්මානය ගැන දන්නෝ අතළොස්සකි.උදාහරණයක් කිවහොත් බදුල්ල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයන් පවා මේ හුදෙකලා කුඩා ගම්මානය ගැන දන්නේ නැත.
![]() Kohonawala marked in Metric Maps and see the near by mountains |
![]() Terrain view to identify the elevation gap. (RED) Trail head at 1300m and (YELLOW) Kohonawala situated near 550m and Loggal oya (BLUE) at 350m |
![]() See the location of Kohonawala with surrounding mountain range. Village is fully covered by giant mountains |
![]() The exact path to Kohonawala from Verallapathana tea factory |
![]() Satellite view of a part of Kohonawala houses and the Temple, School |
![]() Trail starting from here |
![]() Estate |
![]() Tea Factory |
![]() Nature |
දිනෙන් දින දියුණුවනවායයි පාලකයන් විසින් දිවුරමින් පාරම්බාන අපේ රටේ මෙවැනි හුදෙකළා ගම්මානයක් පිහිටා ඇති වග කියන විටද ඔබ තිගැස්සෙනු නො අනුමානය. පවුල් හතළිස් අටක, පරම්පරා තුනක, හාරසියයකට නො වැඩි ජනගහනයකින් සැදුම්ලත් මේ සුන්දර එහෙත් දුෂ්කර ගම්මානයට ප්‍රවේශ මාර්ගදෙකකි. ඉන් බහුලව භාවිතවන මඩොල්සිම තෙක් වැටී ඇති අඩිපාර කිසිඳු මොහොතක සංවර්ධනය කළ නොහැකි ස්වභාවික බාධකවලින් යුතු දුෂ්කර සුන්දර මාර්ගයකි.නමුත් මේ ගමට පැමිණීමට ගැමියන් භාවිත කරනු ලබන අනෙක් මඟ වන කහටරුප්පෙ මාර්ගය මීට කලකට ඉහතදී සකසන ලද්දකි. මේ මාර්ගය කහටරුප්පේ සිට පැමිණ ලොග්ගල්ලාඔයෙහි එක් ඉවුරකින් අවසන් වේ.
රෝහලක් හෝ ජංගම වෛද්‍යමධ්‍යස්ථානයක්වත් නොමැති මේ ගම්මානයේ අයකු අසනීපවුවහොත් එක්කෝ කඳු නැඟ මඩොල්සිමට යා යුතුය. නැතහොත් ගඟ තරණයකොට කහටරුප්පෙ නගරයට යා යුතුය. උණ ගසක බැඳි පුටුවක ආධාරයෙන් රෝගියා වෛද්‍යවරයකු වෙත ගෙනයාමට අවම වශයෙන් ඔවුනට පැය හතරකට නොඅඩු කාලයක් ගත වෙයි. මේ ඒ ගමේ හැටිය. පහ වසර තෙක් පන්ති පැවැත්වෙන ගමේ පාසල දරුවන්ට සුවිසල් දැනුම හෙවණක් තනාදී ඇත්තේ විදුහල්පතිවරයාට පින්සිදුවන්නටය. පහ වසරින් පසුව මේ දරුවන් යායුත්තේ කහටරුප්පෙ නගරයේ පාසලටය. එය අතිශය දුෂ්කර ගමනකි.
![]() New name board of the school |
![]() Surrounding |
![]() Beginning |
![]() A Famous bathing place |
![]() More to go |
![]() Butterfly |
![]() Flowers |
![]() More flowers |
![]() Madolsima Dunhinda Fall |
![]() Went to the bottom of it |
![]() She is bit tall |
![]() Madolsima Dunhinda |
![]() Lower cascades |
![]() Normal view |
![]() Beauties |
![]() Mountains |
![]() There are lot of mountains |
![]() Should go to the bottom |
![]() Another one |
![]() Nature |
![]() More to see |
![]() Some giants |
![]() Grassland |
![]() Nature |
![]() More views |
![]() Met it |
![]() Might be a තුරු හාල් දණ්ඩා |
![]() More to go |
කොහොනාවල හුදෙකලා දුෂ්කර ගම්මානයක් වුවද මේ ගමෙහි කටුමැටි බිත්තියෙන් යුතු ගෙවල් කිසිවක් දක්නට නොලැබේ. කොතරම් ආර්ථික අපහසුතා තිබුණද, ගැහැට සමඟ ගැටෙමින් දුක සමඟ පොරබදිමින් බාධකවලට බාධා පමුණුවමින් ඔවුන් දියුණුවන ලොව සමඟ ස්වංපෝෂිතව නැඟී සිටීමට උත්සාහ ගනිති. ඔවුන් ආධාර නොඉල්ලති. පින් පඩි නො අයදිති. රජයේ රස්සා ඉල්ලා නොයති.ලැබෙන දෙයින් සතුටුවන මේ අව්‍යාජ ගැමියන් එකමුතු මුතුමෙන් රකිති.අගයති.
නිරතුරුවම ආගන්තුක සද්කාරයන්ගෙන් පිරි මේ සුන්දර ගැමියන් තම ගමට පැමිණෙන ආගන්තුකයන් හද පිරි උණුසුමින් පිළිගනිති.
අනෙකුත් ගම්මාන අතර මෙම ගම්මානය සුවිශේෂ වන්නේ මෙම ගමට ඉර පෑයීමේ සහ ඉර බැස යාමේ රටාව අනුවය.මෙම ගම්මානයට ඉර එළිය වැටෙන්නට ආරම්භ වන්නේ උදෑසන 10- 11 අතර කාලයේය.එසේ මෝදුවන ඉර හරි හැටි එළිය දෙන්නේ මැදියමට ආසන්නවය.ඉන් පසුව ඉර සවස 4-5 අතර බැසයන්නේ මේ ගම්මානය කළුවර කරමින් ය.මීට හේතුව මේ ගම්මානය කඳුවලල්ලකින් වටව අඩි 4500ක් පමණ බෑවුමක පිහිටා තිබීමය.
![]() Getting down |
![]() Green valley |
![]() These are their daily pathways |
![]() Ambalama seen |
![]() The Ambalama |
![]() For devotees |
![]() More views |
![]() Pine Apples |
![]() Some houses seen |
![]() Part of Kohonawala houses |
![]() The Path |
![]() Narrow path |
![]() Nature |
![]() More to go |
![]() Near to the school |
![]() Beauties |
![]() An Entrance |
![]() Mountains |
![]() Mushrooms |
![]() More to go |
![]() We are close |
![]() More |
![]() Cross it |
![]() Another famous bathing place |
![]() Slow shutter |
![]() Streams |
![]() Reached |
![]() Beauties |
මේ ගම්මානය පිළිබඳ ඉතිහාසය බොහෝ රසවත් ය.1818 කැරැල්ලේදී සටනට සහය පළකළ රණකාමීන් වූ රන්පත්මුදියන්සේ පරම්පරාව මෙම ගම්මානයේ සැඟවී ඇත.එදා සිට කොහොනාවල ජනාවාසයක් වූ අතර ඒ කතාන්දරය සනාථ කරමින් අදටද මේ ගම්මානයේ ජීවත්වන්නේ රන්පත්මුදියන්සේ පරපුර පමණකි.
මෙම ගම්මානයට පන්සලක් තනන්නේද මෑත කාලයේදීය.ඒ ඔලබොඩුවේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ මේ ගමට වැඩම කළ පසුවය.මේ ගම සැබෑවටම රටට ලෝකයටම ආදර්ශයක් ය.මේ ගමේ ස්වයංපෝෂිත මිනිසුන් කාටවත් බරක් නැත.තමන්ගේ ජීවන බර තමන් විසින්ම කරතබාගෙන ඔවුන් යන්නේ ඉදිරියටමය.ඒ දිරියෙන් යන ගමන ඉතා සාර්තකය.
![]() Under construction |
![]() The only place |
![]() Cultivation |
![]() Rocky plains |
![]() Streams |
![]() Nature |
![]() Summits but near to the main roads |
![]() Beautiful |
![]() Another village waterfall |
![]() Kohonawala Ella |
![]() Slow Shutter |
![]() Lower Kohonawala Falls |
![]() Hills |
![]() Nature |
![]() Drop |
![]() Another one |
![]() Slow shutter |
![]() Zoomed view |
![]() Kohonawala Fall II |
![]() More to go |
![]() Entered |
![]() Village |
![]() A House |
![]() Nature |
![]() Environment |
![]() Amazing Environment |
![]() Beauties |
![]() Streams |
![]() A Temple far away |
![]() Village foot path |
![]() More to go |
![]() Nature |
![]() Under Construction |
![]() Over the Oya |
![]() Butterfly |
![]() Where we came from |
![]() More |
![]() And more |
![]() There were lot |
![]() Near by Mountains |
![]() Another beauty |
![]() Nature |
![]() Nature |
![]() Final Capture |
![]() Surrounding Environment |
Thank you for reading !